විදුහල්පති පණිවිඩය
ර/නිවි/ එරබද්ද විද්‍යාලය

“ නිවිතිගල කලාපයේ දුෂ්කර පාසලක් වු අප පාසලට වෙබ් අඩවියක් නිර්මමාණය කිරීම පිළිබඳව 10 හා 11 ශ්‍රේණි වල දරුවන්ටත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයභාර ගුරුතුමියටත් මාගේ ස්තූතිය පුදකරමි. විශේෂයෙන් මෙම කාර්යය අප පාසලේ ඉදිරි දියුණුව වෙනුවෙන් කරන ලද ඉතාමත් වැදගත් කාර්යයක් ලෙස සලකන අතර මේ තුළින් දරුවන්ගේ විවිධ හැකියාවන් දියුණු කර ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමු. “
අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසලේ වෙබ් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.
විදුහල්පති,
එච්.පී.පී. පතිරණ මයා
ර/නිවි/ එරබද්ද විද්‍යාලය