නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
ර/නිවි/ එරබද්ද විද්‍යාලය

“එරබද්ද විදුමවි තුරුලේ රැදෙමින් යහගුණ දම් පෙරදැරි කරන් විිශ්වයේ සැරිසරන්නට වෙහෙස දරනා දරුවනේ, පතන්නම් ඔබ සැමට එරබදු විදුබිමේ නාමය කිතුගොස නන්වමින් සුවිසල් වූ විශ්වයේ දොරගුළු විවරකරන් ජයටැඹ කරා යන්නට හැකිවේවා කියා.“
අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරන අතර අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් වෙබ් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි. මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමි.
නියෝජ්‍ය විදුහල්පති,
ආර්.එම්.එස්.ඩී. දමයන්ති මිය
එරබද්ද විද්‍යාලය