එරබද්ද ගම්මානය ක්‍රි.ව.1942 දී නිවාස 25කින් පමණ කුඩා ගම්මානයක් වූ අතර පාසලක් ද නොතිබුණි. ගමේ වැඩිහිටියන් එකතු වී පාසලක් ගොඩනැගීමට පියවර ගත් අතර, ඒ අතර මුලිකත්වය ගෙන ආර්.එම්.අදිරියේ මහතා , ආර්.එම්.රනේ මහතා, සියනේරිස් මහතා, එම්.එම්.පබිලිස් මහතා හා පෙමානිස් මහතා ද වූහ. ආර්.එම්.අදිරියේ මහතා පාසලට අක්කර දෙකක පමණ ඉඩම පරිත්‍යාග කල අතර, එහි අත්තිවාරම ආර්.එම්.රනේ මහතා සකස් කලේ ය. අනෙකුත් අය මේ සඳහා ශ්‍රමයෙන් හා භාණ්ඩවලින් උපකාර කළෝය. පළමු ගොඩනැගිල්ල තාවකාලිකව මැටියෙන් සැකසූ එකකි. එයට තාවකාලික වැසිකිලියක්ද සකස් කර තිබුණි. මෙම පාසල ප්‍රයෝජනයට ගනු ලැබූයේ ක්‍රි.ව.1945 දී ය.
ක්‍රි.ව.1950 දී පමණ මෙම ගොඩනැගිල්ල ලෑලි ගසා ආවරණය කර ප්‍රතිසංස්කරණය කරන ලදී. ඒ වන විට පාසලේ පන්ති 10 ශ්‍රේණිය තෙක් පැවති අතර සිසුන් 100ක් පමණ අධ්‍යාපනය ලැබීය. ක්‍රි.ව.1966 දී තාවකාලික ගොඩනැගිල්ල වෙනුවට අඩි 60 X 20 ප්‍රමාණයේ ස්ථීර ගොඩනැගිල්ලක් රජයෙන් ලැබුණි. 5 ශ්‍රේණිය තෙක් පැවැත්වුණු අතර සිසුන් සංඛ්‍යාව පෙරට වඩා වැඩි විය.ක්‍රි.ව.1978 දී තවත් අඩි 60 X 20 ප්‍රමාණයේ ගොඩනැගිල්ලක් ලැබුණු අතර , පන්ති සංඛ්‍යාව 8 ශ්‍රේණිය තෙක් වැඩි විය.
![]() |
![]() |
![]() |

