" මනරම් සොභාව සෞන්දර්යයෙන් අනූන වූ සොදුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ විදු බිමක් බවට පත්ව ඇත."
එරබද්ද ගම්මානය ක්‍රි.ව.1942 දී නිවාස 25කින් පමණ කුඩා ගම්මානයක් වූ අතර පාසලක් ද නොතිබුණි. ගමේ වැඩිහිටියන් එකතු වී පාසලක් ගොඩනැගීමට පියවර ගත් අතර, ඒ අතර මුලිකත්වය ගෙන
ආර්.එම්.අදිරියේ මහතා , ආර්.එම්.රනේ මහතා, සියනේරිස් මහතා, එම්.එම්.පබිලිස් මහතා හා පෙමානිස් මහතා ද වූහ. ආර්.එම්.අදිරියේ මහතා පාසලට අක්කර දෙකක පමණ ඉඩම පරිත්‍යාග කල අතර, එහි අත්තිවාරම ආර්.එම්.රනේ මහතා සකස් කලේ ය. අනෙකුත් අය මේ සඳහා ශ්‍රමයෙන් හා භාණ්ඩවලින් උපකාර කළෝය. පළමු ගොඩනැගිල්ල තාවකාලිකව මැටියෙන් සැකසූ එකකි. එයට තාවකාලික වැසිකිලියක්ද සකස් කර තිබුණි. මෙම පාසල ප්‍රයෝජනයට ගනු ලැබූයේ ක්‍රි.ව.1945 දී ය.
ක්‍රි.ව.1950 දී පමණ මෙම ගොඩනැගිල්ල ලෑලි ගසා ආවරණය කර ප්‍රතිසංස්කරණය කරන ලදී. ඒ වන විට පාසලේ පන්ති 10 ශ්‍රේණිය තෙක් පැවති අතර සිසුන් 100ක් පමණ අධ්‍යාපනය ලැබීය. ගුරුභවතුන් එක් අයකු හෝ දෙදෙනකු සිටි අතර කෙටි කාලසීමා තුල ගුරුවරුන් මාරු වී යාම සුලභ විය.
ක්‍රි.ව.1966 දී තාවකාලික ගොඩනැගිල්ල වෙනුවට අඩි 60 X 20 ප්‍රමාණයේ ස්ථීර ගොඩනැගිල්ලක් ලැබුණි. 5 ශ්‍රේණිය තෙක් පැවැත්වුණු අතර සිසුන් සංඛ්‍යාව පෙරට වඩා වැඩි විය.
ක්‍රි.ව.1978 දී තවත් අඩි 60 X 20 ප්‍රමාණයේ ගොඩනැගිල්ලක් ලැබුණු අතර , පන්ති සංඛ්‍යාව 8 ශ්‍රේණිය තෙක් වැඩි විය.
ක්‍රි.ව.2006 තෙක් 9 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වුණු අතර ක්‍රි.ව.2009 දී පළමු වරට අ.පො.ස.සාමාන්‍ය පෙළ ට සිසුන් ඉදිරිපත් කරන ලදී. ක්‍රි.ව.2011 දී අ.පො.ස.සාමාන්‍ය පෙළ සියළුම සිසුන් සියළුම විෂයන් සමත් ව කලාපයේ ප්‍රථම ස්ථානයට පත්විය. එසේම ශිෂත්ව ප්‍රතිඵල තුළින්ද කලාපයේ ප්‍රමුඛ ස්ථානයක් හිමිකරගෙ න ඇත. 2015 වර්ෂය තුළ නැවත වරක් අ.පො.ස.සාමාන්‍ය පෙළ ප්‍රතිඵල තුළින් කලාපයේ ප්‍රමුඛ ස්ථානය උදා කර ගැනීමට හැකිවිය. 2014 වර්ෂයේ අවසාන කාලය තුළ දෙමාපිය ශ්‍රමයෙන් නැටුම් ශාලාවක් ඉදිකිරීමට ආරම්භ කළ අතර 2019 වර්ෂය වන විට එම ඉදිකිරීම් කටයුතු සාර්ථකව නිම කර ඇත.නැටුම් ශාලාවට පිවිසිම සඳහා පාලමක් සකස් කර ඇති අතර ප්‍රාථමික අංශය ඉදිරිපිට ආරක්ෂිත වැටක් ඉදි කර ඇත.පාසල් සිසුන් සහ ගුරු භවතුන් වෙනුවෙන් නව වැසිකිලි පද්ධතියක් ඉදිකරනු ලැබූ අතර භාවිතයට ගත් වැසිකිලි පුද්ගලික ආයතනයක උපකාරයෙන් අලුත්වැඩියා කරන ලදී. එසේම මෙම වර්ෂයේ දී පාසලට පිවිසෙන පියගැට පෙළ වෙනුවට කොන්ක්‍රීට් ඇතිරූ පාරක් දෙසැම්බර් මස සකස් කර 2020 වර්ෂයේ දී විවෘත කරන ලදි.
පාසලේ ශිෂ්‍ය ගලනයට සාපේක්ෂව භෞතික සම්පත් ප්‍රමාණවත් නොවන හෙයින් තාවකාලිකව පාසලේ ඉදිකර තිබූ එළිමහන් පන්ති කාමරය කඩා 2020 වර්ෂයේ ජනවාරි පෙබරවාරි කාල සීමාව තුළ 15 x 12 ස්ථීර ලෙස එළිමහන් පන්ති කාමරයක් දෙමාපිය ශ්‍රමයෙන් ඉදි කරන ලදී. එසේම දෙමාපිය පරිත්‍යාගයකින් පාසලේ ප්‍රධාන පිවිසුමටගේට්ටුවක් මෙම වසරේදී ඉදිකරන ලදි.
මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 15ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 03 කින් සමන්විතය. එකසිය තිස්හතක් පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "විශිෂ්ට ප්‍රතිඵල තුළින් කලාපයේ ප්‍රමුඛයා වීමයි." යන දැක්ම අනුව යමින් කලාපයේ විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2022 වන විට කලාපයේ පාසල් අතර ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.
|
ආරම්භ කළ වර්ෂය |
1945 ඔක්තෝම්බර් 01 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
38 |
|
මුල් ගුරුතුමාගේ නම |
රාජපක්ෂ මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
ආර්.එම්.අදිරියේ මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
එරබද්ද විද්‍යාලය |
|
පාසල පැවැත්වූ ස්ථානය |
එරබද්ද ගම්මානයේ |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
ආර්.එම්.පීටර් සිංඤ |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
ආර්.එම්. එමලින් |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1945 ඔක්තෝම්බර් 01 දින |
{QF3=5}